සයිනොෆාම් එන්නත ලබා ගනිමින් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කළ පුද්ගලයින් සඳහා මාස 6 ඉක්මවීමට පෙර බූස්ටර් මාත්‍රාව ලබාදීම පිළිබඳව විද්වතුන් විසින් තීරණය කරනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ට මාස 6ක් ඉක්මවීමට පෙර බූස්ටර් මාත්‍රාව ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශව අදහස් පළ කර තිබුණි. ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා පැවසුවේ, සයිනොෆාම් එන්නතේ කාර්යක්ෂමතාව මාස 3කට පමණ පසුව අඩුවන බවට අනාවරණය වී ඇති බවය.
“සයිනොෆාම් එන්නත දිහා බැලුවොතින් බහරේන්වල දත්තවලින් පෙනිලා තියෙනවා මාස 5කට පස්සේ, සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ගත්ත අය සහ ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික් මාත්‍රා ගත් අයට සාපේක්ෂව වැඩියෙන් කොවිඩ් හැදෙනවා. බරපතළ ආසාත්මිකතා ඇතිවෙනවා සහ මරණ පොඩ්ඩක් වැඩී. ඒ නිසා කාලයක් යනකොට සයිනොෆාම් එන්නතේ ආරක්ෂකතාවය අඩුයි.
හැබැයි සයිනොෆාම් විතරක් නෙමෙයි. සයිනොෆාම් එකත් එක්ක ආරක්ෂාකතාවය අඩුවෙන එක පේනවා මහාචාර්ය නීලිකා මලවිගේ ගේ දත්ත අනුව. හැම වයස් කාණ්ඩයකම පෙනිලා තියෙනවා සයිනොෆාම් එන්නත් දෙකක් ගැහුවට පස්සේ, සුමාන 12කට පස්සේ එයාගේ ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාමත්ම අඩු තත්ත්වයකට වැටෙනවා. ඒක නිසා මං හිතන්නේ අවුරුදු 20ක් නැත්නම් අවුරුදු 30ට වැඩි ඕනෑම කෙනෙකුට මාස 6කට පස්සේ, තුන්වෙනි මාත්‍රාවක් දෙන එක නුවනට හුරුයි”
