පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සීමිතව ඇති දුම්රිය සම්පත් යොදවා ගනිිමින් අත්‍යාවශ්‍යම පුද්ගලයින් සදහා දුම්රිය ධාවනයට එක්කොට තිබෙන අතර හෙට(03) සිට දුරගමන් සේවා දුම්රියයන් කිහිපයක් ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව හෙට (03) පෙරවරු 05.55 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගම්න් අරඹන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ කන්කසන්තුරය දුම්රිය ස්ථානයට සවස 03.15 ට ළගාවීමට නියමිතය.
කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.30 ගමන් අරඹන දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමින ගල්කිස්ස දුම්රිය ස්ථානයට 01.25 ට ලඟාවීම නියමිතයය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 03.15 මහනුවර බලා ගමන් අරඹන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මහනුර දුම්රිය ස්ථානයට පස්වරු 06.06 ලගාවී මහනුවරට ලගාවීමට නියමිතය.
මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.15 ගමන් අරඹන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුවට පෙරවරු 08.50 ලගාවීමට නියමිතය.
අනිද්දා (04) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 07.00 ට මහනුවර ලබා ධාවනය වන නගරාන්තර දුම්රිය පෙරවරු 09.38 මහනුවර දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතය .එදිනම පසුවරු 03.00 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට 05.36 කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතය.
එදිනම පෙරවරු 05.10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගම්න් අරඹන යාල් දේවී දුම්රිය පිටත්විි කන්කසන්තුරය දුම්රිය ස්ථානයට දහවල් 12.17 ට ලගාවීමට නියමිතය. කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් දහවල් 01.15 ට ගමන් අරඹන යාල්දේවී සිඝ්‍රගාමී දුම්රිය රාත්‍රි 08.25 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයට ලගා විමට නියමිතය.
මේ මස 08 වන දින මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.25 ගමන් අරඹන සීඝ්‍රගාමී දුම්රිය මාතර දුම්රිය ස්ථානයට පෙරවරු 10.43 ටත් ,මාතර දුම්රිය ස්ථානයෙන් පස්වරු 02.05 ගමන් අරඹන සීඝ්‍රගාමී දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට පස්වරු 06.18 ට ලගාවීමට නියමිතය.
