Spread the love



එක රටක එක නීතියක් යන තේමාව යටතේ සෑම ජන කොටසක්ම සමගියෙන් හා සංහිදියාවෙන් යුතුව ජීවත් විය හැකි සාර්ථක දේශපාලන ව්‍යවස්ථාවක් සකස් කිරීමටත් දමිළ කථා කරන ජනතාවගේ අනාගතය වෙනුවෙන් අවංකව හා කැප කිරීමෙන් ක්‍රියා කිරීම දීපාවලී උත්සවය සමරන හින්දු දර්ශනය අදහන අපේ ජනතාවට රජය විසින් ලබා දෙන දීපාවලී ත්‍යාගය බව ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී (ඊපීඩීපී) මහ ලේකම් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටී.
එම පණිවිඩයේ වැඩිදුරටත් එතුමා සදහන් කරන්නේ ධර්මය ජයග්‍රහණය කොට අසාධාරණය පරාජයට පත්වන, අන්ධකාරය දුරු කොට ආලෝකය උදා වී ජීවත්
වන අවස්ථාවක් මේ රටේ දමිල හින්දු ජනයාට අප රජයෙන් ලැබෙන බව ස්ථිර බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටී.
අවංකව බුද්ධිමත්ව ක්‍රියාකරන දේශපාලන නායකත්වයක් රට තුළ ක්‍රියාත්මක වීම තුලින් පමණක් අපේ ජනතාවට යහපත් කාලයක් උදා කර ගත හැකි බවත් අධාර්මිකව හා අබුද්ධිමත්ව ක්‍රියාකරන දේශපාලන නායකත්වය මගින් මේ රටේ දමිල කථා කරන හින්දු ජනතාවගේ අයිතිවාසිකම් නොලැබෙන බවද අමාත්‍යවරයා තව දුරටත් පවසා සිටී.
කොරෝනා වසංගතය හේතුකොට ගෙන අද ලොවපුරා ජනතාව සිය දෛනික කටයුතු කරගත නොහැකිව අපහසුතාවට පත්වී තිබේ. ලෝකයේ සංවර්ධනය වු රටවල්ද ආර්ථික වශයෙන් කඩා වැටී ඇති මොහොතක සංවර්ධනය වෙමින් පවතින රටක් වන අප ශ්‍රී ලංකාවද කඩා වැටී තිබේ. මෙම අන්ධකාර තත්වයෙන් මිදී අප රටටත් අලෝකය උදාවී දීප්තිමත් සංවර්ධනය වු රටක් ලෙස ඉදිරියට යාමට අවස්ථාව උදා වේවායි මෙම දීපාවලි උත්සවට සුභ පැතුම් එක් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී