වෘත්තිය සමීතීන් අද විදුලි වැඩ වර්ජයනයක් සිදු කිරීමට උත්සහ කළ ද වැඩකරන පංතිය එය නොසළකා අද සුපුරුදු ලෙස විදුලිබල මණ්ඩලයෙහි සේවක සේවකාදීන් රාජකාරිවල නිරත වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අදපැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් ගාමිණී ලොකුගේ මහතා සඳහන් කලේ ලංකාවෙහි සියලු ජනතාවට පැය 24 ම විදුලිය ලබාදීමේ කාර්යය අප කාර්ය මණ්ඩලය භාරගෙන ඇති බවද මෙහිදි සඳහන් කළේය.
“ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය රජයට විශාල අභියෝගයක් කරපු දවසක්.විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති නායකයා සතියකට පෙර කිව්වේ අද ඔවුන් විදුලි වැඩවර්ජනයක් සහ පැය 72ක විදුලිය කපනවා කියලා. නමුත් වැඩකරන පංති තීන්දු කරා ජනතා විමුක්ති පෙරමුණ තවත් මේ වගේ රට විනාශ කරන්න ඉඩ දෙන්න බෑ කියලා. ඒ නිසා අපේ විදුලිබල මණ්ඩයේ සියලුම ඉංජිනේරුමහත්වරු , කාර්මික නිලධාරී මහත්වරු, විදුලි අධිකාරිවරු සහ අනෙකුත් සෑම සේවකයින් වැඩ කරනවා. විදුලි විසන්ධි කිරීමක් කරන්නේ නෑ. විදුලිය පැය 24 ම දෙන්න පුළුවන් කාර්යභාර්යය සියලුම විදුලිබල මණ්ඩලය භාරගෙන තිබෙනවා
අද වෘත්තිය සමිති නායකයා විතරක් තනියම වෘත්තිය සමිති අරගලයක් කරගෙන යනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කරන රජයක්. අද අපි කාටත් නොතෙරුනාට ලෝකයම ලොකු ආර්ථික අර්බුදයකට පත්වෙලා තිබෙනවා.
ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් අපේ ආණ්ඩුවත් උත්සහ කරන්නේ එම අර්බුදයෙන් අපේ රටේ ජනතාව කෙසේද බේර ගන්නේ කියලා. ඒ සටනේ තමයි අපි ඉන්නේ.
අද සිනි , ගෑස්, කිරි පිටි මිල වැඩිවෙන්නේ රජයේ කැමැත්තෙන් නොවේ. ලෝක වෙළඳපොලේ මිල වැඩි වීම නිසා. එයට මුහුණ දෙන්න අපි විවිධ ක්‍රම කරනවා.
සජිත් ප්‍රේමදාස මේ අවස්ථාවේ සිදු කරන්නේ රටම විනාශ කරන්න ජනතාව උසි ගන්වන එකයි. මේ අවස්ථාවේ උසි ගන්වන එක නොවේ කරන්න අවශ්‍ය කොවිඩ් අර්බුදයෙන් රට බේරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි අවශ්‍ය වන්නේ.ඒ වගේම දැන් යුගදනව් බලාගාරය 50%, 40% ඇමරිකාවට විකුණුවා කියලා ජනතා විමුක්ති පෙරමුණ පෙන්වන්න හදනවා.
ඔවුන් මුළු විදුලිබල මණ්ඩලයම ඇමරිකාවටම විකුණුවා කියලා කියන්නේ. යුගදනව් බලාගාරය රජයේ කොටසකුත් එක්ක පුද්ගලික අංශය පටන් ගත් ආයතනයක්. ඒ ආයතනයට ණය දෙන්න මහා භාණ්ඩාගාරයෙන් අනකරයක් දුන්නා. ඒ ගිවිසුමේ තිබෙන්නේ 2035 වන විට ඒ ලක්දනව් බලාගාරය රජයට අයිති වෙනවා කියලා. එතකොට LNG විදුලිය ගේන්න 2000 ඉඳලා සාකච්ඡා කළා. ඒ LNG විදුලිය කොළඹට ගෙන එන්නයි , ගබඩා සංකීර්ණයක් හරිගස්වන්නයි, ඒ අවස්ථාවේදි තමයි ඇමරිකානු සමාගමක් ඔවුන් ආයෝජනයක් කරන්නම් කියලා කිව්වේ. රජය කල්පනා කරන්නේ මේ සමාගමෙන් 40% කොටසක් ලබා දෙන්න. මේ අනුව මේ අවස්ථාවේදී අපිට තිබෙන මූල්‍ය අර්බුදයට රුකලක් ද වෙනවා. නමුත් වෘත්තිය සමිති පිරිස කියන්නේ මුළු රටේම විදුලියම ඇමරිකාවට දුන්නා කියලා. එහෙම දෙයක් සිදු වෙලා නෑ.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අදහස් දක්වමින් “ඊයේ දවස ඉතා සාර්ථක පක්ෂ සම්මේලනය පැවැත්තුවා. අවුරුදු 05 ක් වගේ කාලයකදී මේ රටේ ජනතාවට සැලකිය යුතු ජයග්‍රහණයක් කර දුන්න, දකුණු ආසියාවේ සුවිශේෂි දේශපාලන ව්‍යාපර පක්ෂයක් ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුළණ හදුන්වන්න පුළුවන්.
පක්ෂ සම්මේලනයේ දී අග්‍රාමාත්‍යතුමත්, පක්ෂයේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ඉතාමත් හරවත් ජනතාවටටත්, දේශපාලන ව්‍යාපාරවලටත් ඉතාමත් වැදගත් පණිවිඩ කිහිපයක් ලබා දුන්නා. ඇත්තටම අපේ මුදල් අමාත්‍යතුමා කිව්වා “මිතුරන්ගේ ආශීර්වාදත්,සතුරන්ගේ අභියෝගත් බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේ. ඒ ගැන කිසිම පැකලීමක් නෑ කියලා”.
