Spread the love

ශ්‍

අද පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 113 දිනාගෙන බලය ඇල්ලීම පහසු නැහැ. නමුත් පක්ෂය ගම් මට්ටමින් ගොඩනගා ගෙන ඊළඟ මහ මැතිවරණයේදී අපි ආසන  50ක්වත් දිනාගෙන ඊළඟ රජයේ තීරණාත්මක බලවේගය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් විය යුතුයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති කම්කර අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසිය.


ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වැඩපිළිවෙළක් එක්ක ගමට යා යුතු බව නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ  නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය පිහිටුවීමේ  අවස්ථාවට එක්වෙමින්ය.


ඒ සඳහා වැටී තිබෙන අපේ පක්ෂය ගොඩ ගත යුතුයි.ඒකට ආකර්ෂණීය වැඩපිළිවෙලක් තිබිය යුතුයි.රස්සාවල්දීලා පාරවල් හදන දීලා ඒ ජයග්‍රහණය ලබන්න බැහැ.ඒ සඳහා නව දේශපාලන දර්ශනයක් නව දේශපාලන වැඩපිළිවෙළක් මේ රටේ ජනතාවට ඉදිරිපත් කළ යුතුයි.
මෙම දිස්ත්‍රික් බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවඑලනුවරඑලිය  දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  ආසන සංවිධායකවරුන් ද පළාත් පාලන ආයතන නියෝජිතයන් ද ඒ ඒ ආසනවල තරුණ, කාන්තා හා ගුරු සංගම් නියෝජිතයෝ  ද  එක් වූහ.