Spread the love

කඨින පූජෝත්සව පැවැත්වීමේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් දැනුම්දීමක් කර තිබෙනවා.

කඨීන පූජෝත්සව පැවැත්වීම පිළිබඳ විවිධ විවේචනයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම මෙසේ දැනුම්දීමට හේතුව බවයි. ඒ අනුව පූජනීය ස්ථානවල භක්ති ගීත ප්‍රචාරය කිරීමේ දී හා පෙරහැර සංවිධානය කිරීමේ දී වර්තමානයේ පවතින ජනප්‍රිය ගීත යොදා නොගත යුතු බව සඳහන්.

කඨින පූජෝත්සව පැවැත්වීමේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් දැනුම්දීමක් කර තිබෙනවා.

කඨීන පූජෝත්සව පැවැත්වීම පිළිබඳ විවිධ විවේචනයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම මෙසේ දැනුම්දීමට හේතුව බවයි. ඒ අනුව පූජනීය ස්ථානවල භක්ති ගීත ප්‍රචාරය කිරීමේ දී හා පෙරහැර සංවිධානය කිරීමේ දී වර්තමානයේ පවතින ජනප්‍රිය ගීත යොදා නොගත යුතු බව සඳහන්.

එමෙන්ම ආගමික පසුබිමක් පවතින, ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් භාවිත කරමින් ආගමික ස්ථානයේ පූජනීයත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව විහාරස්ථානවල කඨින පූජෝත්සව කටයුතු පැවැත්විය යුතු බවද ඔවුන් සඳහන් කළා.