Spread the love

තෙල්වත්ත හා අකුරල ප්‍රදේශ පසුගිය කාලයක සිට දැඩි මුහුදු කාදනයකට ලක්වූ අතර මුහුදු රළ සමග වැලි ප්‍රදාන මාර්ගයට පැමිණීම හේතුවෙන් වසරේ මාස කිහිපයක්ම ගාලු පාරේ වාහන ගමනාගමනයට බාදා විය.

එම සෑම අවස්ථාවකම බැකෝ යන්ත්‍ර මාර්ගයෙන් වැලි ඉවත් කිරීමට සිදුවූ අතර මෙයට ස්ථිර පිළියමක් ලෙස කහව සිට තෙල්වත්ත දක්වා කිලෝමීටර 2ක් දිග රුපියල් මිලියන 150ක ඇස්ත්මේන්තු ගත ආරක්ෂන ගල් වැටියක් ඉදිකිරීම 16-02-2021 දින එවකට විශයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කල ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ හා නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිනි.

එම ව්‍යාපෘතිය අවසාන අදියරේ පවතින අතර වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පෙරේදා එහි නිරීක්ෂණක්ශන චාරිකාවක යෙදුනු අතර වැඩ නිමකල ඇති ගල් වැටි අසල පැල සිටුවීමේ වැඩසටහනක් ද ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් අනිල් විජේසිරි මහතා , රජ්ගම ප්‍රාදේශීය සභාපති ටී නිමල මහතා , වෙරළ සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අද්‍යක්ශ ජෙනරාල් එස් රනවක මහතා , මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් සුසීමා කාරියවසම් මහතිමිය, ශ්‍රී ලංකා පහත්බිම් සංවර්ධන සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී. බී අමරසිංහ මහතා , දේශපාලන අදිකාරියේ මන්ත්‍රීවරුන් ඇතුලු නිළධාරීන් සහභාගි විය.