
.
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන කටයුතු අඛන්ඩව සිදු කරගෙන යන බව අක්කරායාන් ගගේ සංවර්ධන ව්‍යාපෘතිය එයට හොද උදාහරණයක් වන බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කර සිටී.
කිලිනොච්චි අක්කරයාන් ගග සංවර්ධන ව්‍යාපෘති සදහා රජයෙන් වෙන් කරන ලද මුල්‍ය ප්‍රතිපාදන මගින් පසුගියදා මෙම ව්‍යපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
ගංගාවන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියේ කිලිනොච්චි අක්කරයාන් ගග සංවර්ධන ව්‍යපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 04ක් රජය විසින් වෙන් කර දී ඇත.
එසේම කිලිනොච්චි සුදුමුරිඉරිප්පු හි අක්කරායන් කුලම් හි මිරිදිය මත්ස්‍ය පැටවුන් බෝ කිරීම සදහා පොකුණු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නිරීක්ෂණය කල අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ධීවර අමාත්‍යාංශ නිලධාරීන්ට ලබා දෙන ලදි.