Spread the love


ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මෙරටට ගෙන්වා ඔවුන්ට රටේ සැබෑ තත්ත්වය පැහැදිලි කර දෙමින් රට සංචාරකයන්ට විවෘත බව ජාත්‍යන්තරය දැණුවත් කිරීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඉදිරි මාස දෙකක කාලය තුළ ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් 25 කට ආසන්න පිරිසක් මේ සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ වන විටත් නෝර්වේ සහ ඉන්දියානු සංචාරක මාධ්‍ය වේදින් 10 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මෙහෙයවීමෙන් එය ක්‍රියාත්මකයි. ඉන්දියානු මාධ්‍ය වේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් 08 දෙනෙකු මේ වන විට උතුරේ විශේෂ සංචාරයක නිරතව සිටිති. යුද්ධයෙන් පසු උතුරේ වත්මන් තත්ත්වය මෙන්ම කොවිඩ් වසංගතයත් සමග සංචාරකයන්ට රට විවෘත කිරිම සම්බන්ධයෙන් ඔවුන් අධ්‍යනයක නිරතව සිටිති.

නෝර්වේ ප්‍රධාන පෙළේ යු ටියුබ් නාළිකා දෙකක නියෝජිතයන් ද මේ වන විට මෙරටට පැමිණ තිබේ. ඔවුන් දකුණේ සංචාරයක නිරතව සිටින අතර සංචරණ සීමා ඉවත් කිරිමත් සමග රට සංචාරකයන්ට විවෘතව ඇති ආකාරය ඔවුන් අධ්‍යනයන කරමින් සිටිති. මෙම මාධ්‍ය කණ්ඩායම් දෙක කොවිඩ් වසංගතයෙන් පසු රට විවෘත කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි පළමු මාධ්‍ය කණ්ඩායම වේ. ඉදිරි මාස දෙකක කුලය තුළ රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඇමෙරිකානු එක්සත් ජනපදය වැනි රටවලින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් රැසක් මෙරටට පැමිණිමට නියමිත අතර ඔවුන් රට පුරා සංචාරය කර සංචාරකයන්ට පැමිණිමට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව සිය රටවල ප්‍රචලිත කිරිමට නියමිත බව ද ඇමතිවරයා සදහන් කරයි.

මාතලේ, නුවර, කෑගල්ල, මහියංගණය, හැටන් ආදී ප්‍ර දේශ වල මෙම පිරිස සංචාරය කිරිමට නියමිතයි. හෙළ වෙදකම් පිළිබද ව පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය, ත්‍රාස්‍යජනක ක්‍රීඩා, ප්‍රජා මූලක සංචාරක ව්‍යාපාරය පිළිබද ව මෙහි දී ඔවුන් දැනුවත් කෙරේ.