ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිංගගේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඇදහැලෙමින් ඇති මහ වැසි හේතුවෙන් ගිංගඟ පිටාර මට්ටමට ඉතා ආසන්න වී ඇතිබව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු පියුමි ද සිල්වා මහත්මිය පැවසූවාය.
(08) අද පෙරවරුව වනවිට ගඟෙහි පහළ ප්‍රදේශය වන බද්දේගම ඉදිගස්කැටිය ජලජලමාපකයට අනුව ගගෙහි ජලමට්ටම මීටර් 04.00 බව පැවසීය.ගගෙහි ඉහළ ප්‍රදේශය වන තවලම ජලමාපකයට අනුව ජලමට්ටම මීටර් 03.00 දක්වා ඉහළගොස් තිබේ.
තවදුරටත් ගඟෙහි ජලමට්ටම ඉහළ යමින් පවතින බව පැවසූවාය.මේ අතර ගඟෙහි ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් මේවන විට බද්දේගම ,වැලිවිටිය දිවිතුර ,නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය.
පවතින තත්වය මත ගඟ දෙපස ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතුබව පැවසීය.බෙන්තර ගඟෙහි සහ මාදු ගගෙහි ජලමට්ටම ඉහළගොස් තිබේ.මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නාය යෑම් කිහිපයක් වාර්තා වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
