කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දෙදින වැඩමුළුවක් සංවිධානය කිරීමට බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
නොමිලේ පැවැත්වෙන මෙම දෙදින වැඩමුළුව මේ මස 14 හා 15 දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පවසයි.
අපනයන තත්ත්වයේ සිටින කර්මාන්තකරුවන් දිරිගැන්වීමේ අරමුණින් සහ ඔවුන් ඊට යොමු කිරිම සඳහා අපනයන ක්‍රියාවලිය පිළිබඳව විධිමත්ව පවත්වන දෙවන වැඩසටහන මෙය වන අතර එය රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුව කර්මාන්ත සංවර්ධන අධිකාරියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙහිදී Basic introduction to Export procedures, Export Marketing, Method of Settlement of payment and export finance, freight forwarding and Transportation, Custom export process,Guidelines for CUSDEC, port procedures, Export Costing, INCORTEM, Certificate and other document required for Export, How to fill a CUSDEC and Shipping Note, Export of Forest Procedure, Export and potential Export from Sri Lanka යන මාතෘකා යටතේ මෙම දේශනය පැවැත්වේ.
මේ සඳහා උනන්දුවක් දක්වන බස්නාහිර පළාත තුල සිටින කර්මාන්තකරුවන්ට සහභාගී වියහැකි අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු කර්මාන්ත සංවර්ධන අධිකාරිය (බ.ප.), නො 04 ඒ,1/1, සෝරත මාවත, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයෙන් හෝ 0112804511 දුරකතන අංකය අමතා හෝ sagarikaida@gmail.com විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැක.
