මන්නාරම ප්‍රදේශයේ මුහුදු සැතපුම් 16කට එපිට සීමාවේ සුරුක්කු දැල් භාවිතා කිරීමට ධීවරයන්ට අවසර ලබා දී ඇති බවත්, එම නීති උල්ලංගණය කිරීම දිගින් දිගටම සිදු වන බැවින් නීතිය ක්‍රියාත්මක කිරීමට යන නිලධාරීන්ගේ රාජකාරියට ධීවරයන් බලපෑම් සිදු කිරීම වහාම නතර කළ යුතු බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේය.
මන්නාරම ප්‍රදේශයේ ධීවර සංගම් කිහිපයක් ඔවුන්ගේ ගැටලු ගැන ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා දැනුවත් කිරීමෙන් පසු ඒ පිළිබදව සොයා බැලීම සදහා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
එහිදී විශේෂයෙන් මන්නාරම ප්‍රදේශයේ සිදු කරන නීති විරෝධි ධීවර කටයුතු නතර කිරීමට යාමේදී නිලධාරීන්ට සිදු වන බලපෑම් පිළිබද නිලධාරීන් මෙහිදි අමාත්‍යවරයා දැනුවත් කරණ ලදි.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ තවද මාදැල් කර්මාන්තයේදි භාවිතා කරන වින්චි ක්‍රමය හේතුවෙන් වෙරළ ආශ්‍රිත පරිසරයට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බැවින් වින්චි භාවිතය නතර කල යුතුව ඇත. විශේෂයෙන් මෙම නීති විරෝධි ක්‍රියා මැඩලීමට ආරක්ෂක අංශ යොදාගත හැකි වුව ද එසේ නොකර ධීවරයන් මේ පිළිබදව තේරුම් ගෙන කටයුතු කළ යුතු බවද අමාත්‍යරයා වැඩිදුරටත් පැවසීය
