Spread the love



ජොර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ “සෙනෙහස” සත්කාරක වැඩසටහන යටතේ උතුරු මැද පළාතේ රෝහල් වෙත ලබාදීමට රුපියල් මිලියනයක් වටිනා ECG යන්ත්‍ර 05 ක් අද දින ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත පරිත්‍යාග කරන ලදී.
මෙම පරිත්‍යාගය සිදු කරන ලද්දේ කොළඹ 10, “ඔසු පියස” ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදීය.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා උතුරු නැගෙනහිර රෝහල් වලට ECG යන්ත්‍ර වල අඩුපාඩුවක් තිබෙන බැවින් ඒ පිළිබදව ජොර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එරාන් රණසිංහ මහතා දැන්වීමෙන් පසු මෙම පරිත්‍යාගය සිදු කර තිබේ.
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ රත්නායක මහතා ද සහභාගි විය.