
පස්යාල ගිරිඋල්ල මාර්ගයේ දන්සැලේ වත්ත ප්‍රදේශයේ දී අද (8) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් කුඩා දරුවකු ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මැටියගනේ පදිංචිකරුවන් බව කියන චන්දන පෙරේරා 47 සහ මානෙල් පතිරණ 42 යන අය බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
පස්යාල දෙස සිට මීරිගම දෙසට ගමන් ගත් කන්ටේනර් පටවන තට්ටු ලොරියක් ඉදිරියෙන් පැමිණි වෑන් රියක හා ඒ අසල නවතා තිබූ යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. කන්ටේනර් ලොරියේ ඉදිරිපස මුහුණට මුහුණලා හැපීම හේතුවෙන් වෑන් රථය පොඩිපට්ටම් වී දොර ජනෙල් පවා ගැලවී විසිවී ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරා සහ එහි පිටුපස ගමන් ගත් කාන්තාවක බව අනාවරණය වී ඇති අතර කුඩා දරුවකු ඇතුළු කිහිප දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි . තරමක් බරපතළ තත්ත්වයේ පසුවූ කුඩා දරුවා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි වතුපිටිවල රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
යතුරු පැදිය නවතා එහි පැදිකරු ඒ අසළ වෙළඳ සැලකට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුවීම හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ අනූ නමයෙනි. අනතුර සිදුවන අවස්ථාවේ වැස්ස පැවතී ඇති අතර අනතුරට ලක්වූ ලොරිය කිසියම් හේතුවකින් පාරේ අනෙක් පසට ඇදී යාම නිසා මෙම අනතුර සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
එම ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි .පස්යාල ගිරිඋල්ල මාර්ගයේ දන්සැලේ වත්ත ප්‍රදේශයේ දී අද (8) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් කුඩා දරුවකු ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරතිබේ
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මැටියගනේ පදිංචිකරුවන් බව කියන චන්දන පෙරේරා 47 සහ මානෙල් පතිරණ 42 යන අය බවට හඳුනාගෙන ඇතැයි නිට්ටඹුව පොලීසිය පවසයි. පස්යාල දෙස සිට මීරිගම දෙසට ගමන් ගත් කන්ටේනර් පටවන තට්ටු ලොරියක් ඉදිරියෙන් පැමිණි වෑන් රියක හා ඒ අසල නවතා තිබූ යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
කන්ටේනර් ලොරියේ ඉදිරිපස මුහුණට මුහුණලා හැපීම හේතුවෙන් වෑන් රථය පොඩිපට්ටම් වී දොර ජනෙල් පවා ගැලවී විසිවී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරා සහ එහි පිටුපස ගමන් ගත් කාන්තාවක බව අනාවරණය වී ඇති අතර කුඩා දරුවකු ඇතුළු කිහිප දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි . තරමක් බරපතළ තත්ත්වයේ පසුවූ කුඩා දරුවා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි වතුපිටිවල රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
යතුරු පැදිය නවතා එහි පැදිකරු ඒ අසළ වෙළඳ සැලකට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුවීම හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ අනූ නමයෙනි. අනතුර සිදුවන අවස්ථාවේ වැස්ස පැවතී ඇති අතර අනතුරට ලක්වූ ලොරිය කිසියම් හේතුවකින් පාරේ අනෙක් පසට ඇදී යාම නිසා මෙම අනතුර සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
එම ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .
නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි .