Spread the love

දිවයිනේ අද පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුවූ මාර්ග රිය අනතුරු 02 කින් පුද්ගලයන් 02 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතිබව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ආරච්චිකට්ටුව හා රිදීමාලියද්ද පොලිස් වසම් වල අනතුරු සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
මාර්ග අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය