Spread the love

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්දුම්රිය මාර්ගයට විශාල ජලධාරාවක් පැමිණීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ඊවේ ඇද හැලුණු ධාරානිපාත වැසි හේතුවෙන් කඩිගමුව දුම්රිය ස්ථානය අසල නායායෑමක් සිදුවී ඇති අතර මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු රඹුක්කන සිට ඉහළට දුම්රිය ධාවනය වන සියලු දුම්රියයන් අවලංගු කර ඇතැයි ද දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජේෂඨ නිලධාරියකු පැවසීය.

මේ අතර පොල්ගහවෙල සහ පනලිය අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා ද දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.