Spread the love


ඇඹිලිපිටිය, සෙවනගල ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර හතක් හා මත්පැන් ජාවාරමේ නිතර සැකකරුන් හත් දෙනෙකු කොටුකර රුපියල් ලක්ෂ තුනක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 14 දෙනෙකු මහනුවර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ ගෝඩා ලීටර් 800 ක් ,කසිප්පු බෝතල් 60 ක් ,දරගර 7 ක් ,බැරල් ඇතුළු උපකරණ තොගයක් තිබු බව මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවි පතිරණ මහතා පවසයි.


සැකකරුවන් නිවාස ආශ්‍රිතව හා උක් වගාවන් අස්සේ ඉතා රහසිගතව මෙම මත්පැන් නිෂ්පාදනාගාර පවත්වාගෙන ගොස් ඇති අතර සුරාබදු නිලධාරීන් ව්‍යාජ ගැණම් කරුවන් ලෙස හා වෙස්වලා ගෙන ගොස් දින දෙකක් තිස්සේ කැලයේ සැරිසරා කැලය පිරාගෙන ගොස් දැඩි දුෂ්කරතා මැදදේ මත්පැන් නිෂ්පාදනා ගාර කොටු කර ගැනීමට සමත්වී ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී නිෂ්පාදත මත්පැන් ඇඹිලිපිටිය ,සෙවනගල ,ඇතුළු ප්‍රදේශ වලට ඉතා රහසිගතව බෙදා හරින බවට පාපොච්ජාරණය කරතිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි ,මධ්‍ය ම පලාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්ත යන මහත්වරුනගේ උපදෙස් මත ,මහනුවර සුරාබදු අධිකාරී ආර්.එම් සේනාරත්න මහතාගේ මෙහෙයවීම මත සුරාබදු අධිකාරි කාර්යාලයේ නිලධාරී කණ්ඩායම හා මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවි පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායම යන සුරාබදු කණ්ඩායම් දෙක ඒකාබද්ධව මෙම වැටලීම් සිදු කළහ.