Spread the love

.

රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නායයාමත් හේතුවෙන් නිවසක් සහ එහි සිටි තිදෙනකු එයට යටවී මිය ගොස් ඇත.මෙලෙස මිය ගොස් ඇත්තේ නිවසේ සිටි මව සහ අවුරුදු 08 ක් වයසැති දියණියක්, අවුරුදු 13 ක් වයසැති ඥාති දියණියකි.

නිවසේ සිටි අනෙක් පුද්ගලයා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කෑගල්ල රෝහල වෙත මාරුකර යැවූ බව රඹුක්කන රෝහලේ අධ්‍යක්ෂ සුමින්ද ගමගේ මහතා පැවසීය.

මේ වන විට එම ප්‍රදේශයට යුද  හමුදා නිළධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.