Spread the love

වාලච්චේන ධීවර වරායෙන් ධිවර රැකියාව සදහා පිටත්ව ගොස් බෝට්ටුවේ සිදු වු යාන්ත්‍රික දෝශයක් නිසා සැඩ පහරට හසුව කිලෝමීටර් 600ක පමණ ඈත මුහුදේ අතරමං වී සිටියදී ඉන්දීය නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන අන්දමන් දූපත් හි රදවා සිටින ධිවර කාර්මිකයන් සිවු දෙනා කඩිනම් නිදහස් කර ලංකාවට රැගෙන ඒම සදහා අවශය පියවර ගන්නා ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේපසුගියදා දින ධීවර අමාත්‍යාංශයේ පැවති සමාලෝච රැස්වීමකට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ අත්අඩංගුවට පත් ධිවර කාර්මිකයන්ගේ ඥාතීන් තම ඥාතියා ගෙන්වා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවත් එම පවුල් සදහා ධිවර අමාත්‍යාංශය හරහා ලබා දිය හැකි සහන ලබා දීමට කටයුතු කරන ලෙසත් පවසන ලදි.

මෙම අවස්ථාවට ධිවර අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක, අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී විය.