Spread the love

අයහපත් කාලගුණයත් සමගින් පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 126කට බලපෑම් එල්ල වී ඇති අතර එයින් පවුල් 17,481  අයත් පුද්ගලයින් 62,247දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ දක්වා සිදුව ඇති පුද්ගල මරණ  සංඛ්‍යාව ද 20ක් දක්වා ඉහළ ගොස් තබෙන අතර දියේ ගිලීම්, නායයාම්, අකුණු සැර වැදීම් ආදිය හේතුවෙන් සිදුව ඇති එම මරණ කුරුණෑගල, කෑගල්ල, බදුල්ල, මාතලේ, මුලතිව්, පුත්තලම සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණි.

ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 1,498 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 23ක රඳවා සිටින අතර තවත් පුද්ගලයින් 3,537 දෙනෙකු ඥාති නිවෙස්වල රැඳී සිටින බව සඳහන් විය.

ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට ය.එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 15කට ඉන් බලපෑම් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 25,508 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 05ක පුද්ගලයින් 12,350 දෙනෙකු ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටී.
 

adstudio.cloud