ස්වේච්ඡා ගුරුවරුන් පුහුණු කිරීමත් අරමුණින් සමාජ සේවා දෙපාර්තමේන්තුව සදහා නව මානව සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගම්පහ අමුණුකුඹුර දී විවෘත විය.

මේ තුළින් දිවයින පුරා විසිරුණු 800 ක පමණ වන විවිධ වෘතීන්ගෙන් සැදුම්ලත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීමත් දිවයින පුරා විසිරුණු ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානයන්හි ස්වේචජා ගුරුවරුන් පුහුණු කිීරීමත් සිදුවනු ඇත.
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් කාර්යක්ෂම සේවාවක් අත්පත් කරගැනීමට ඉවහල් වන මෙම මධ්‍යස්ථානයේ පුහුණුවන්නන් 30 දෙනෙකුට පමණ එක්වර නේවාසිකව පුහුණුවිය හැකිය. මෙම මධ්‍යස්ථානය පිහිටුවීම සමාජ සේවා දෙපාර්තමේන්තුට වැදගත් සංධිස්ථානයක් වනු ඇත.

වසර 73 ක ඉතිහාසයක් ඇති සමාජ සේවා දෙපාර්තමේන්තුව මෙරට ආන්තීකරනයට හා අවාසිහගත තත්ත්වයට පත් ප්‍රජාවගේ අයිතිවාසිකම් හා සමානාත්මතාවය ආරක්ෂා කරමින් ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කරමින් සිටින ප්‍රමුඛ පෙලේ රාජ්‍ය ආයතනයකි. මෙහි සේවාව ලැබූ සහ ලබන ප්‍රජාව විශාල පිරිසක් සිටී.
මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, සමාජ සේවා අධ්‍යක්ෂ, චන්දන රණවීර ආරච්චි, මහර ප්‍රාදේශීය ලේකම්, ජී. එස්. අයි. විමලසේන, අතිරේක අධ්‍යක්ෂ, දර්ශනී කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ, නදීකා ධර්මදාස හා අමුණුකුඹුර ආයතනයේ සථානභාර නිලධාරී එම්. එන්. එස්. උදයකුමාර යන මහත්ම මහත්මීන් අතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වි
