
මුතුරාජවෙළ තෙත් අභයභූමිය සම්බන්ධව අවසාන තීරණය ඉදිරි සති දෙක තුළ අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පරිසර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (11) කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැති වැඩ සටහනක දීය.
හෙක්ටෙයාර් හයදහසක් පමණ මේ සඳහා පවරා ගන්නවා යැයි සමහරු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැහැ.
හෙක්ටෙයාර් හයදහසක් පවරා ගැනීමක් කිසිදු ආකරයකින් සිදු කරන්නේ නැහැ.
මුතුරාජවෙළ තෙත් අභය භූමිය සඳහා පවරා ගන්නේ ඊට අත්‍යවශ්‍ය ඉඩම් පමණයි . මහජනතාවගේ ඉඩම් පවරා ගැනීමක් හෝ මහජනතාව නිවාසවලින් එළියට ඇද දැමීමක් හෝ කිසිසේත්ම සිදුවන්නේ නැහැ.