Spread the love

කොළඹ- නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නාය යෑමේ අවදානමට ලක්ව ඇති ස්ථානයේ (13) අද භෞතික පරීක්ෂණයක් සිදුකරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම කන්දේ තත්ත්වය පිළිබඳව පොළව විද පරීක්ෂා කිරීමට නියමිතයි.දැනට එම ස්ථානයේ පවතින අවධානම් තත්ත්වය හේතුවෙන් මාර්ගය විවෘත කිරීමට තීරණයක් ගෙන නොමැත.

දැනට එම ස්ථානයේ ගල් තට්ටුව මත ඇති ජලය තාක්ෂණික ක්‍රමවේද හරහා ඉවත් කරමින්  ඇතිබව එම සංවිධානය පවසයි.මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි වෙළද සැල් 30 ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ඉවත් කර ඇතිබව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය.

නාය යෑමේ අවදානම හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් මේවනවිටත් වසා දමා තිබේ.