Spread the love


පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ පුත්තලම් දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ග විශාල වශයෙන් හානි සිදු වී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

මීරිගම සිට කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක් අද (14)විශාල ජල ධාරාවක් නිසා ගිලා බැසීමට ලක්වී ඇති නිසා දුම්රිය ධාවනය වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා සීමා කොට තිබේ.


මෙම ගිලාබැසීම හේතුවෙන් ඒ අසල ඇති අනෙක් දුම්රිය මාර්ගයද අවදානමකට ලක්වී ඇත.
පුත්තලම් දුම්රිය මාර්ගයේ මුන්දලම දුම්රිය ස්ථානය ආසන්න යේ දුම්රිය මාර්ගය යටින් විශාල ප්‍රමානයක් ගලවා ගෙන ගොස් තිබේ. අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ වතුවලින් පැමිණි විශාල ජල ධාරාවක් නිසා දුම්රිය මාර්ගයේ පස් සෝදාගෙන ගොස් දුම්රිය මාර්ගය

එල්ලෙමින් පවතිනු ඇත

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් මේ වනවටත් එම මාර්ගය කඩිනමින් පිළිසකර කරමින් පවතින බවද ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.