කාලගුණය හරස් වීමෙන් මිනිස් ජිවිත වලට ,මහා මාර්ග වලට මෙන්ම දුම්රිය මාර්ගයට හානි සිදු වීමෙන් මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතායයට පත්වී ඇත.

ප්‍රධාන මාර්ගයේ මීරිගම හා විජයරජදහන දුම්රිය ස්ථාන අතර අම්බන ප්‍රදේශයේ දුම්රිය මාර්ගය හරහා තිබූ පැරණි බෝක්කුවක් පෙරේදා (13) පෙ.ව 08:00 පමණ කැඩි දුම්රිය මාර්ගයේ සිදුරක් ඇතිවීම හේතුවෙන් මීරිගම හා පල්ලේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය ට බාධා එල්ල වු බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

මෙසේ බෝක්කුව කැඩී යාමත් සමගින් විශාල ජල කදක් මතුවී දුමරිය මාර්ගයද කඩාගෙන ගොස්තිබේ.
තවමත් එම ජලකද ගලා යන අතර මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ද්විත්ව මාර්ගයේ ගමනාගමනය තනි මාර්ගයෙන් ධාවනය කිරීමට කටයුතු කිරීම නිසා එම මාර්ගයේ දුම්රිය සියල්ලම ප්‍රමාදයන් සහිතව ධාවනය වීම මත මගීන් විශාල සංඛ්‍යාවක් දැඩි අපහාසූතාවයට මුහුණ දිමට සිදු විය.මෙ

.පවතින භූමියේ තත්වයන් හා ආපඳා තත්වය සැලකිල්ලට ගෙන තවදුරටත් තනි මාර්ගයේ ධාවන කටයුත් සිදු කිරීම අවධානම් හේතුවෙන් හා කඩිනමින් නඩත්තු කටයුතු සිදුකල යුතු බැවින්අද දින(14) පෙ.ව.11:00 පමණ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේයන්ගොඩ දුම්රිය ස්ථානයට පමණක් සීමා කිරීමට කටයුතු සිදු කරන ලදී.

මේ වන විට ලහි ලහියේ නඩත්තු කටයුතු සිදුකරන අතර වේයන්ගොඩ සිට ඉහලට දුම්රිය ගමන් නැවතී ඇත.
මාර්ගයේ පිලිසකර කටයුතු මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් හා සේවක මහතුන් විසින් වර්ෂාව මධ්‍යයේ වුව ද සිදු කරමින් පවතින අද දින (15) එක් මාර්ගක් දුම්රිය ධාවන කටයුතු සඳහා භාවිතා කිරීමේ හැකියාවක් පැවතිය හැකි වෙතයි අපි විශ්වාස කරන්නෙමූ
