
කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රුපියල් මිලියන 220 ක වියදමකින් සංවර්ධන කටයුතු ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පසුගිය මැයි මාසයේ සංවර්ධන කටයුතු ආරම්භ කළ අතර රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ යාත්‍රාංගණය සහ ගුවන් ධාවන පථය පුඵල් කිරිමේ කටයුතු ලබන වසරේ පළමු කාර්තුව තුළ දී අවසන් කිරිමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කරයි
ව්‍යාපෘතිය නිම වීමෙන් පසු ගුවන් තොටුපළේ යාත්‍රාංගණ ධාරිතාව සහ ගුවන් ධාවන පථයේ කාර්යක්ෂමතාව 75%කින් පමණ වැඩි වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රත්මලාන ගුවන් තොටුපළ තුළ ගගන නාවික පහසුකම් සහිත පාලන මධ්‍යස්ථානයක් හා ගුවන් ගමන් පාලන කුළුණක් ඉදි කිරීමට ද අපේක්ෂිතයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වාණිජ මෙහෙයුම් වැඩි දියුණු කිරිම කෙරෙහි ද රජය අවධානය යොමු කර ඇති බවයි. දේශීය ගුවන් සේවා 05 ක් සමග නව වාණිජ ගුවන් සේවා වලට මේ වන විටත් එළඹ තිබේ. රත්මලාන ගුවන් තොටුපළ ආශ්‍රිතව ගුවන් තොටුපළ පුහුණු පාසලක් ආරම්භ කිරිම සදහා සාකච්ඡා කෙරෙමින් පවතින අතර ජාත්‍යන්තර සංවිධිත මෙහෙයුම් (International Scheduled Operations) ආරම්භ කිරිම සදහා ද මේ වන විට කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා සදහන් කරයි.