Spread the love

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු හෙට (15) දිනයේ සිට නතර කිරීමට සිදුව ඇති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ, පිරිපහදු කටයුතු සඳහා අවශ්‍ය බොරතෙල් අවසන්වීම මෙයට හේතුවී ඇති බවය. කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආනන්ද පාලිත මහතා එම අදහස් පළ කළේය. 

ඉතිහාසයේ පළවෙනි වරට පිරිපහදුව නවත්වනවා හෙට. බොරතෙල් ලෝකයේ නැති හින්දා නෙමෙයි පිරිපහදුව හෙට වහන්නේ. ඇති වෙනකම් බොරතෙල් තියෙනවා. ඩීසල් සහ පෙට්‍රල් විතරයි නිත්‍ය ඇනවුම් තියෙන්නේ. පෙට්‍රල් ජනවාරි වෙනකම් තියෙනවා. ඇමති කියන පරිදි මේ මාසයෙන් පස්සේ ඩීසල් එනවද කියන එක ඇමති කියන්න ඕනේ. 

ඔක්තේම්බර් 5 වනදා පස්සේ නැවක් තාම නැහැ. ඒක හින්දා මාස තුනක් පිරිපහදුව දිව්වේ දිනකට මෙට්‍රික්ටොන් 3,500ක 50%ක අඩුවෙන්. ඕනනම් ආපසු මාව CID දායි. හැබැයි කිව්වේ ඇත්ත. භූමිතෙල් නිෂ්පාදනය නවතිනවා. තමා කිසිම ඇනවුමක් නැහැ.

හදිසි මිලදී ගැනීම්වලට යන්න වෙන්නේ. ඒ ගත්තත් මාස දෙකක් තුළ ඉන්ධන මිල සූත්‍රය ඇවිල්ලා ජනතාව නොමාර මරණ එක මරණවා. ඉන්ධන ඉදිරියේදී සලක සහ පෝලින් ක්‍රමයට තමයි දෙන්න වෙන්නේ.” මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස්  සඳහන් කළේ බොරතෙල් ආනයනය නොකළ ද, ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇති බැවින් ඉන්ධන හිඟයක් ඇති නොවන බවය. 

“සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට ඉදලා වහනවා කියන කථාබහ එළියට ඇවිල්ලා තියෙනවා. මේකට හේතුව වන්නේ ඇනවුම් කරපු බොරතෙල් එහෙමත් නැත්නම් අපේ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුම්කරුවන් සහභාගී නොවීම. අපිට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන් බොරතෙල් පිරිපහදුව වෙනුවට පිරිපහදු කළ තෙල් ලංකාවට ගෙනල්ල ඒ කිසිම අඩුවකින් තොරව බෙදන්න වග බලාගන්නවා