Spread the love

සාම්ප්‍රදායක ටොෆි ලොසිංජර පන්නයේ අයවැය ක්‍රමවේදය වෙනස් කර මෙවර අයවැය කොරෝනා වලින් බිදවැටුණු රට ගොඩනැගීම පදනම් කරගත් මහජන හිතවාදී අයවැයක් බවත්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටුණු රටේ ආර්ථිකය ගොඩගැනීම සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් මෙවර අයවැයෙන් ඉදිරිපත් ව ඇති බවයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (14) මිනුවන්ගොඩ උඩුගම්පළ දී පැවති මිනුවන්ගොඩ ප්‍රා දේශීය සභාවේ හා නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක දීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව ඉදිරිපත් කරපු මංගල අයවැය මහජනතාව මත කිසිදු බරක් නොපැටවූ අය-වැයක් ලෙසයි අපි දකින්නේ. වසංගත තත්ත්වය එන්න කලින් යහපාලන ආණ්ඩුව රටේ ආර්ථිකය බිඳ දමා තිබුණේ. වසංගතය නිසා ආර්ථිකය තවතවත් කඩා වැටීමට ලක් වුණා. කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැංවිය හැකි දිගුකාලීන හා මධ්‍යකාලීන දීර්ඝ කාලීන විසඳුම් මෙම අයවැය යෝජනාවලියට ඇතුළත්. ජනතාවට බරක් නොවී රට නැවත ශක්තිමත් ආර්ථිකයක් කරා ගෙන යාම අපේ ආණ්ඩුවේ අපේක්ෂාව.
විපක්ෂයට රජයක් ගෙනයාමේ ශක්තියක් නැති බව ඔවුන් දන්නවා.අසාර්ථක භාවය නිසාම ජනතාව යහපාලන රජය ගෙදර යවලා වැඩි කාලයක් නැහැ. සමගි ජන බලවේගය කියලා නම වෙනස් කරගෙන ජනතාව ඉදිරියට ආවට ඇතුලේ ඉන්නේ පරණ මුහුණු බව ජනතාව දන්නවා. ඒ වුණත් විපක්ෂය උත්සාහ කරන්නෙ කොහොමහරි ආණ්ඩු බලය ගන්න. ලෝක වසංගතයක් එක්ක, කඩා වැටුණු ආර්ථිකයක් එක්ක අපේ ආණ්ඩුව කරපු දේවල් සමගි ජන බලවේගය ට හීනයක්. රටේ තත්ත්වය දැන දැනත්, තමන්ගෙ තත්ත්වය දැන දැනත් කොහොමහරි ආණ්ඩු බලය ලබාගන්න උත්සාහ කරන්නේ රට හදන්න නෙවෙයි. තමන් හැදෙන්න.
රටේ ආර්ථික තත්ත්වය තුළ අපේ ජනතාව පීඩාවට පත් කරන අය වැයක් ගෙනෙයි කියලා විපක්ෂය බලාපොරොත්තු වුණා. ඒත් අයවැයට ඇහුම්කන් දුන්නට පස්සේ විපක්ෂයේ බලාපොරොත්තු සුන් වෙලා කටඋත්තර නැතුව ඉන්නෙ. විපක්ෂ නායකතුමා සෝමාලියානු ඉතියෝපියානු පන්නයේ අය වැයක් ගැන කියනවා. ඒ වගේ අය අයවැය ගෙනාවේ එතුමා හිටපු පහුගිය යහපාලන ආණ්ඩුවයි. අපේ රජයක් බලයට පත් වුණු හැම අවස්ථාවකම දැක්මක් සහිතව යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා පියවරෙන් පියවර ඉදිරියට යන අය වැයක් ගෙනාවා.