Spread the love

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පල්ලෙවෙල හා මීරිගම අතර දුම්රිය මාර්ගය අධික ලෙස හානි වීම හේතුවෙන් තාවකාලිකව නතර කර තිබු උතුරු දුම්රිය මාර්ගය දුර ගමන් සේවා හෙට(16) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.



ඒ අනුව ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ,කන්කසන්තුරේ ගල්කිස්ස අතර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ,ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා යාල්දේවි දුම්රිය ද ,කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා යාල් දේවී යන දුම්රියයන් ධාවනයට එක්කෙරේ.
මේ මස 17 වැනි දින සිට සියළුම දුරගමන් සේවා දුම්රියයන් නියමිත වේලාවට ධාවනයට එක් කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.