මදුරාවල සහ බුලත්සිංහල සංස්කෘතික මධ්‍යස්ථාන දෙකක් ජනතා අයිතියට පත් කිරීම ප්‍රාදේශීය කලා කරුවන්ගේ ප්‍රධානත්වයෙන්ඊයේ (14) සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙම මධ්‍යස්ථාන ඉදිකර තිබේ.

දේශීය කලා අංගයන් ප්‍රවර්ධනය හා සංරක්ෂණය පෙරදැරිව සංස්කෘතික මධ්‍යස්ථාන සංකල්පය බිහිවූ අතර, ඒ තුළින් සෑම වයස් කාණ්ඩයකම ජනතාව තුළ පවත්නා වූ කලා කුසලතා ඔප් නංවාලීමට මංපෙත් විවර වන්නා සේම නිර්මාණශිලි කලාකරුවන් බිහිකර ගැනීම ද මෙහි ප්‍රධාන අරමුණ වේ.
නැගෙනහිර පස්යොදුන් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක වරකාගොඩ ගල්ලෙන රාජ මහා විහාරාධිපති අතිපුජ්‍ය පෝරුවදණ්ඩේ සුමන නාහිමිපාණන් වහන්සේ,බුලත්සිංහල බෞද්ධ කටයුතු සමායෝජක පුජ්‍ය කුසලඥාණ හිමියන් ඇතුළු මහා සංඝරත්නය,මිල්ලකන්ද ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ ප්‍රධාන පුජකතුමන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නන්දන හෙට්ටිආරච්චි,අමාත්‍යාංශ අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) ආචාර්ය ප්‍රසාද් රණසිංහ,මදුරාවල ප්‍රාදේශීය ලේකම් බී.ඒ.සිතාරි උදයංගනී, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ පෞද්ගලික ලේකම් ඩඩ්ලි වීරක්කොඩි,බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් තුසිත කුලරත්න,අමාත්‍යතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරි උදේශ් රංග,පුද්ගලික සහකාර නදීර ලක්ෂාන්, ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ රාජ්‍ය නිලධාරිහු කලාකරුවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
