ජර්මනිය, පිලිපීනය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව හා ස්විස්ටර්ලන්ත යන රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වල සම්බන්ධීකරණය හරහා කොවිඩ් 19 වසංගතය තුරන් කිරීම සඳහා මෙරටට ලැබුණු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කොට තිබේ.
එසේ ලබාදුන් වෛද්‍ය උපකරණ තොගය ඊයේ (15) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දෙන ලදී.
මෙම වෛද්‍ය උපකරණ අතරට රැපිඩ් ඇන්ටිජන් කට්ටල,වෙන්ටිලේටර් , බයි පැප් යන්ත්‍ර, පල්ස් ඔක්සිමීටර සහ ඔක්සිජන් කන්සන්‍ට්‍රෙටර් ඇතුළත් විය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාද, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ
ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ රත්නායක මහතාද,“ඉටුකම” අරමුදලේ ලේකම් රවීන්ද්‍ර ජේ. විමලවීර මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වුහ.