මේ මාසයේ මුල් දෙසතිය තුළ සංචාරකයන් 19,222කු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මේ දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 80,310ක් බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංචාරක අධ්‍යන අංශය විසින් කොළඹ වන් ගෝල් ෆේස් (one galle face mall) වෙළඳ සංකීර්ණයේදී සංවිධානය කර ඇති Sri Lanka Tourism Expo 2021 සංචාරක ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට පැවැත්වෙන පලමු සංචාරක ප්‍රදර්ශනය වන්නේ ද මෙම Sri Lanka Tourism Expo 2021 ප්‍රදර්ශනයයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම ප්‍රදර්ශනයේ කුටි සංඛ්‍යාව 50කට සීමා කර තිබුන ද මෙරට ප්‍රධානපෙලේ සංචාරක හෝටල් සේවා ආයතන මේ සඳහා සිය ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර තිබිනි.