Spread the love

උතුරු උතුරු වයඹ ,බස්නාහිර සහ සබරගමුව ,ත්‍රිකුණාමලය ,ගාල්ල ,මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවන අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී 50 ඉක්මවු වැසි ඇති වේ.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය බටහිර දෙසට බරව ගමන් කර අද දින දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබඳ උතුරු තමිල්නාඩු වෙරළට ඇතුළු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින්නේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකිය.

උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී 40 – 50 පමණ තද සුළං ඇති වේ.