Spread the love


අපේ රටේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයන් නංවාලීම සඳහා මාස 10කට ලබාදුන් රුපියල් 10,000ක් වටිනා පෝෂණ මල්ල මාස 24ක් දක්වා ලබා දීමට දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම වැඩ සටහන සඳහා රජය මෙතෙක් වැය කළේ රුපියල් මිලියන 4000ක්. මෙවර අයවැයෙන් එම මුදල රුපියල් මිලියන 5000 දක්වා
තවත් මිලියන 1000කින් වැඩි කර තිබෙනවා.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෝෂණ ඌණතාවලින් පෙළෙන ගැබිණි මව්වරුන් 3000කට පෝෂණ මල්ලක් බැගින් බෙදා දීම සඳහා පැවැති වැඩ සටහනක දීය.
අමාත්‍යවරයා තම පුද්ගලික වියදමින් හා හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාග මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබිනි.
ඒ සඳහා රජයේ මුදල් රුපියලක්වත් වැය නොකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම වැඩ සටහන අගුණකෙළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විනි.