Spread the love

.
මිලි ලීටර් 180 නැතහොත් අරක්කු කාලේ බෝතල් විශාල පාරිසරික ගැටළුවක් වී තිබෙනවා. මේවා පාවිච්චි කරන අය ඒවා බැහැර කරන්නේ පරිසරයට. සමහර බෝතල් එකතු කරන අයවත් මේවා එකතු කරන්නේ නැහැ. ඒ වගේම ඒවා නිෂ්පාදන සමාගම්වත් කාලේ හිස් බෝතල් එකතු කිරීමේ වැඩ පිළීවෙළක් ක්‍රියාත්මක කරන්නේ නෑ. මම පරිසර අමාත්‍යවරයා ලෙස පත් වුනාට පසුව කාලේ බෝතල් තහනම් කරන
ලෙස විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් වුනා.


විශේෂයෙන් පරිසර සංවිධානවලින්. ඒ වගේම ගොවියන්ගෙන්. සමහරු මේ කාලේ අරක්කු බීලා හිස් බෝතලේ කුඩු කරලා කුඹුරුවලට වීසි කරනවා. කුඹුරු වැඩ කරන ගොවියන්ගේ කකුල් වීදුරු කටුවලට කැපිලා සමහර විට මාස ගණන් ප්‍රතිකාර පවා ගන්න සිදුවෙනවා. ඒ නිසා මම මෙම කාලේ බෝතල් තහනම් කිරීමට සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. නමුත් කිසිදු ආයතනයකින් මට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.නමුත් දැන් මේ සම්බන්ධව ආයතන රැසක අවධානය යොමු ව තිබෙනවා. ඒ නිසා මිලි ලීටර් 180 බෝතල් තහනම් කිරීම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නවායි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.

. 2018 වර්ෂයේ අපේ රටේ අලෙවි වී ඇති අරක්කු බෝතල් ප්‍රමාණය විසි කෝටි දොළොස් ලක්ෂ විසිහත්දහස් එකසිය අසූ එකක් (
20,12,21,181). එයින් බෝතල් දස කෝටි පනස් පන් ලක්ෂ තිස් දෙදහස් එකසිය හැට නවයක් ( 10, 55, 32,169ක්) අරක්කු කාලේ බෝතල්. සමස්ත අරක්කු බෝතල් ප්‍රමාණයෙන් සියයට 52ක් මිලි ලීටර් 180 නැත්නම් කාලේ බෝතල්. ප්‍රධාන කාරණය වන්නේ 2017 ට සාපේක්ෂව 2018 යම් අඩු වීමකුත් සිදු වී තිබෙනවා කියළා එම තොරතුරු සඳහන් කරනවා.

මේවායින් සියයට 05ක් වත් ප්‍රතිචක්‍රියකරණය කරන්නේ නැහැ. ඒ වාගේම ආපසු එකතු කරන්නේ නැහැ. ඒ නිසා මේ මිනිසුන් බොන අරක්කු කාලේ බෝතල්වලින් සියයට 100ක් ම පරිසර විනාශයට හේතු වෙනවා. අනික් කාරණය තමයි 2018 වර්ෂයේ අරක්කු බාගේ බෝතල් හාරකෝටී තිස්එක් ලක්ෂ පහළොස්දහස් නවසිය විස්සක (4,31,15,920) බෝතල් ප්‍රමාණයක් ද සම්පූර්ණ මි.ලී. 750 බෝතල් පන්කෝටි විසිපන් ලක්ෂ හැටඅටදහස් අනූදෙකක (5,25,68,092) ක ප්‍රමාණයක් ද පාවිච්චි කර තිබෙනවා.