අනෝරා වැසි නොවැම්බර් මස 08 වනඳා උඩරටට ඇඳ වැටෙන්නේ සැඩ සුළං සමඟින්.. එයින් උඩරට කොලොම්තොට යා කල දුම්රිය ගමනට සවස 5 පමණ වන විට රඹුක්කන කඩිගමුව අතර මාර ගසක් හරස් විය.
නොකඩවා ඇඳ හැලුනු ධාරානිපාත වර්ෂාව පසුඳා පහන් වනතුරු අඛන්ඩව පැවතීම හේතුවෙන් දුම්රිය මඟට පස් කඳු කඩා වැටීම්, නාය යෑම් දුම්රිය ගමනට බාධා ඒල්ල වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
මෙහි දරුණුතම තත්වය කඩිගමුව දුම්රිය ස්ථානයේ පහල මාර්ගය හා වේදිකාවෙන් කොටසක් අඩි ගනනාවක් ප්‍රපාතයට සේදී යාමෙන් වාර්තා විය.
මේ අතර බලන දුම්රිය ස්ථානයේ මාර්ගයේද කොටසක් නාය යෑමට ලක්විය.උඩරට දුම්රිය ගමන් තාවකාලිකව නවතා දැමීමට දෙපාර්තමේන්තුව කටයුතු කල අතර දුම්රිය මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් හා සේවක මහතුන් අව් වැසි නොබලා මඟ සරි කරන්නට යුහුසුලු විය.
මෙම කටයුතු පසුගියඳා ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මැති තුමාගේ හා දුම්රිය සාමාන්‍යාධිකාරී තුමා ගේ නිරීක්ෂනයට ලක් විය.
කොළඹ කොටුව සිට මහනුවර දක්වා අද දින සිට නැවතත් මඟී ජනතාව වෙත උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්වයට පත් කර ඇත.