ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ල මහතා, අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ද ප්‍රධාන තරගතීරක ලෙස කටයුතු කරමින් ලොව ටෙස්ට් තරග 200ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ පළමු පුද්ගලයා බවට වාර්තා අතරට එක්වුණි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
තරගයේ ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසියේ නායක දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංකයි.
අද තරගය දිවා ආහාරය සඳහා නතර කරන විට ශ්‍රී ලංකාව කිසිවෙක් නොදැවි ලකුණු 61ක් රැස්කරගෙන සිටියේය.
දිමුත් කරුණාරත්න නොදැවි ලකුණු 32 ක් රැස්කරගෙන සිටි අතර පැතුම් නිස්සංක රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 25 කි.
හැට දෙහැවිරිදි වියේ පසුවන රංජන් මඩුගල්ලේ 1993 වසරේ පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැති ටෙස්ට් තරගයෙන් සිය තරග තීරක දිවිය ආරම්භ කර තිබේ.