අනුරාධපුර රුවන්වැලි මහා දා ගැබ හා ථූපාරාම දාගැබ සම්බන්ධ වන නව පෙත් මඟ දෙපස රුක් රෝපණය කිරීමේ කටයුතු සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පූර්ණ අනුග්‍රහය දක්වා තිබේ.
මෙම පෙත් මඟ දෙපස විශාලව වැඩෙන ශාක 180ක් රෝපණය කිරීම පසුගියදා (20) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ
ප්‍රධානත්වයෙන් සිදු විය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මින් පෙර ද මෙවැනි සිද්ධස්ථාන ගණනාවක පරිශ්‍රයන් හි රුක්රෝපණය සඳහා දායකත්වය ලබා දී ඇති අතර රෝපණය කරන සෑම ගසක්ම GPS තාක්ෂණය යොදා ගනිමින් නියාමණය කිරීම ද සිදු කෙරේ . එමෙන්ම වසර තුනක් යන තෙක් එම ගස් හොඳින් රැක බලා ගැනීම ද සිදුකරනු ලබයි.
පරිසර අමාත්‍යාංශය විසින් අපේ රටේ රුක්ගහණය වැඩි කිරීම සඳහා අරඹන ලද හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ පිළිවෙළ යටතේ මෙම රුක්රෝපණ කටයුතු සිදු කරන ලදී.
