කොවිඩ් නව සාමාන්‍ය කරණය යටතේ කටුනායක ගුවන්තොටුපලේ කටයුතු කාර්යක්ෂම කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසෙයි. ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගම, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සෞඛ්‍ය හා සංචාරක අංශ එක්ව මෙම ඒකාබද්ධ වැඩපිලිවල වහාම ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (22) බළධාරීන්ට උපදෙස් දුන්නේය. කටුනායක ගුවන්තොටුපලේදි සංචාරකයන් හා විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් ඇතුළු ගුවන් මගීන්ට සිදුවන බාධාවන් අවම කිරීම මෙහි අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ ඇමති නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කලේ මේ වන විට කොවිඩ් එන්නත්කරණ කාඩ්පත සියලු කටයුතු සදහා අනිවාර්ය කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවයි. ඊට අදාළ වැඩපිළිවෙල සකස් කර ඇති බවත් දෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් නිතිපතිවරයා පැහැදිලි කිරිමක් කර ඇති බවත් ඇමතිවරයා මෙහි දි කීවේය.
කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු සංචරණ සිමා ලිහිල් විමත් සමග මේ වන විට දෛනිකව සිදුවන ගුවන් මගී මෙහෙයුම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. දෛනිකව ගුවන් තොටුපළේ සිදුවන මගී මෙහෙයුම් සංඛ්‍යාව 12,000 ඉක්මවයි.
