ඩුබායි බලා ගමන් කිරීමට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් බෑගයේ ඉතා සුක්ෂම ලෙස සගවා තිබු රුපියල් රුපියල් මිලියන 14,060,000 වටිනා මුදල් තොගයක් රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පුද්ගලයා අද දින උදෑසන 1.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK649 ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවත් වීමේ පර්යන්තය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය බලා පිටත් වීමට පැමිණි ගුවන් මගියෙක්. ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් මල්ලක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මුදල් තොගයක් සොයා ගන්නා ලදි.

එම මුදල් තොගය තුළ ඇමෙරිකානු ඩොලර් 20,000 සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 10 ක් අඩංගුව තිබූ අතර ඒ අනුව එම මුදල් තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 14,060,000 බව ගණන් බලා ඇත. රේගුවට සඟවා නීති විරෝධී ලෙස මුදල් මෙරටින් පිට කිරීමට දරන ලද මෙම උත්සාහය රේගු නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී බව නිසා වැලක් වීමට හැකි විය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු නිලධාරීහු සිදු කරති.
