Spread the love


හෙරෝයින් මිලි ග්රැම් දෙදහස් අටසිය අසූපහක් ලග තබාගෙන සිටි සැකකරුවකු ගම්පහ කොට්ඨාශ අපරාධ අංශයේ නිළධාරින් ගම්පහ දුම්රියපල අසලදී අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු මෙයට වසර දෙකකට පෙර මාකවිට ප්‍රදේශයේදි යතුරුපැදි අනතුරකට ලක්ව තුවාල ලැබූ අයකු රෝහල් ගතකිරීමට කටයුතු කර ඇති අතර, තුවාලකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව පැමිණිසැකකරු අනතුරට පත් ඩියෝ වර්ගයේ යතුරුපැදිය සොරාගෙන ගොස් ඇත.
එම යතුරුපැදිය කොටස්කර විකුණා ඇති සැකකරු එහි චැසිය රුපියල් 5000 කට බාඳුරාගොඩ ප්‍රදේශයේ අයකුට අළෙවිකර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු අධික ලෙස හෙරෝයින් පානයට ඇබ්බැහි වුවකු වන අතර,ඔහු තවත් සොරකම් රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ගම්පහ (ජ්‍යෙ.පො.අ.) ඉන්දික ද සිල්වා, (ස.පො.අ 1) තුසිත කුමාර හා කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති,(ප්‍ර.පො.ප) සුමිත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත (උ.පො.ප) උදිත් උදයශාන්ත, (පො.සැ)ධනපාල 55460, සෙනෙවිරත්න 55466 (පො.කො)වීරතුංග 81544, සේනානායක 25362 යන නිළධාරීහු සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරති.