Spread the love

දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි වන අතර දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.