Spread the love


සති දෙකක කාලයක් තුළ දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් 10 500 000/-ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 1194 දෙනෙකු සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව බලපත්‍ර ලත් ස්ථාන වල බපපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කල හෝටල් ආපනශාලා හා රටබීම හල් 259 ක් කොටුකර ගත් අතර අදාල බලපත්‍ර ලාභීන් හට චෝදනා පත්‍ර ලබාදී ඇතැයිද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මෙම වැටලීම් වලදී වස, විස, අබිං ජාවාරමේ නිරත 109 ක් ,සිගරැට් නිීති විරෝදී ලෙස අලෙවි කල හා ළග තබාගත් 152 ක් ,නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගර 121 ක්,නීති විරෝධී ලෙස නිෂ්පාදිත මත්පැන් සන්තකය/ විකිණීම 19ක්,නීති විරෝධී ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම 553ක්, නීති විරෝධී ලෙස මහා රා සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම්110 ක්,නීති විරෝධී ලෙස රජයේ අරක්කු සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම් 88ක්,නීති විරෝධී ලෙස විදේශ මත්පැන් සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම් 33ක්,හෙරොයින් සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය 85ක්,කොකේන් සන්තකය/ විකිණීම/ ප්‍රවාහන 02ක්,නීති විරෝධී ලෙස ගංජා සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය 12ක්,නීති විරෝධී ලෙස ගංජා වගා කිරීම 01-වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධ ග්‍රහණ 09ක්,බදු නොගෙවූ සිගරට් සන්තකයේ තබා ගැනීම 93ක්.ප්‍රසිද්ධ හා ජනාකීර්ණ ස්ථානවල දුම්පානය 09-අවුරුදු 21ක්, අඩු පුද්ගලයන්ට සිගරට් විකිණීම 26ක්,වෙනත් දුම්කොල සම්බන්ධ අපරාධ 24ක් කොටුකර ගැනීමට සමත්වී ඇත.

සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වල දී සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩකිරීම් සම්බන්ධ වැරදි සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන 259ක් ග්‍රහණය කර ඇති අතර ඉදිරියේ දි එම බලපත්‍රලාභින්ට එරෙහිව උපරිම දණ්ඩණයන් ලබා දිම සදහා පියවර ගනු ලැ‍බේ.
මෙම ග්‍රහණයන් අතරින් වැඩිම ග්‍රහණ සංඛ්‍යාවක් මහජනතාව විසින් පැය 24 පුරා මහජන පැමිණිලි ලබාගැනීමට සුරාබදු මූලස්ථානයේ පිහිටුවා ඇති දුරකථන අංක 1913 මගින් සුරාබදු මෙහෙයුම් මැදිරිය වෙත යොමු කරන ලද පැමිණිලි හා තොරතුරු මත සිදු කරන ලද වැටලිම් බව මෙහෙයුම් මැදිරියේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක තිලක් දිසානායක මහතා පවසයි.
මේ ආකාරයේ නීතිය කඩකිරීම් පිළිබද මහජන පැමිණිලි වෙතොත් ඒවා 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමු කළ හැකි වේ.


ඒ ඒ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන්ගේ මෙහෙයවීම යටතේ සුරාබදු නිලධාරීන් නවසියයක‍ට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි යොදවමින් මෙම වැටලීම් සිදුකොට ඇත.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සුරාබදු ස්ථාන 58කින්, විශේෂ මෙහෙයුම් ඒකක 05 කින් සහ මත්ද්‍රව්‍යනාශක අංශය මගින් ඉහත සදහන් ග්‍රහණයන් සිදු කොට ඇත.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ .ගුණසිරි මහතාගේ උපදෙස් මත,සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරිම්)කපිල කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම් සිදු කොට තිබේ.