Spread the love

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පසුගිය දින කිහිපයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ මෙම තත්ත්වය දක්නට ඇතිබව සදහන්.

ඒ අනුව අසාද්‍ය තත්වයෙන් රෝහල් ගතවන කොරෝනා රෝගීන් සංක්‍යාව ද ඉහළ යමින් තිබේ.ඒ අනුව මේ මොහොතේ සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පසුගිය කාලයේ මෙරට කොරෝනා තත්ත්වය උස්සන්ද වූ මොහොතේ මෙරටට ඩෙල්ටා කොරෝනා ප්‍රබේදය පැතිර ගියේ ය.එහෙත් මේවන විට ප්‍රදේශ වශයෙන් ඩෙල්ටා උප ප්‍රබේද බිහිවෙමින් ඇතිබව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.