අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු හා මාධ්‍යවේදී සුසිල් ගුණරත්න මහතාගේ ආදරණීය බිරිඳ වූ, පසුගියදා අප අතරින් වෙන්වු ප්‍රවීන නාට්‍යවේදිණි භාද්‍රා නන්දනී ගුණරත්න මහත්මිය වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සභාපතිත්වය දරණ ටවර් හෝල් රඟහල පදනමෙහි භාරකාර මණ්ඩලයේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වන ප්‍රේක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණ මුදලක් ඇයගේ දියණිය වන උත්තරා ගුණරත්න මහත්මියට ටවර් හෝල් රඟහල පදනම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්.දිසානායක මහතා ඊයෙ(25) තලංගම ඇයගේ නිවසේ දී ප්‍රදානය කළේ ය
.ටවර් හෝල් රඟහල පදනම මඟින් නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂ කැපකිරීමක් කළ කලාකරුවන් 500 දෙනකු සඳහා ප්‍රේක්ෂා රක්ෂණ ක්‍රමය මේවන විට හඳුන්වා දී තිබෙන අතර මිලියට 04 අධික මුදලක් කලාකරුවන් වෙනුවෙන් ප්‍රදානය කර තිබේ. ජීවිතහානි, හදිසි අනතුරු සහ වෛද්‍ය යන අංශ යටතේ ජන ශක්ති ආයතනය ද සමඟ එක්වී මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක කරනු ලබයි.
නාට්‍ය ප්‍රවර්ධන අධ්‍යාපන හා වැඩසටහන් අධ්‍යක්ෂ සම්පත් පෙරේරා,කළමනාකරණ සහකාර අමිල ජයරත්න , ජාතික උරුම,ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු මෙම අවස්ථාවට එක්වුහ.
