Spread the love

පැවති අධික වර්ෂාව හේතුවෙන් කුඹුරු අක්කර 40 000ක් හානි වී ඇතිබව  ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න මහතා පැවසීය.

හානි වූ අක්කරයකට රුපියල් 40000 බැගින් වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව පැවසීය.ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් එම වන්දි මුදල් ලබාදීමට පියවර ගෙන තිබේ.

දිස්ත්‍රික්ක 12 කුඹුරු වලට අධික වර්ෂාවෙන් හානි සිදුව තිබේ.කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක වල වගාවන් සඳහා වැඩි වශයෙන් හානි සිදුව ඇතිබව වැඩිදුරටත් පැවසීය