Spread the love

තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේය

ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල හෙට (29) දිනයේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇත. බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම අද (28) පෙරවරුවේ ප්‍රකාශයක් සිදුකරන බව ඒ මහතා පැවසීය.

තිරිඟු පිටි මිල ඊයේ දිනයේ සිට ඉහළ දැමීමට සමාගම් පියවර ගෙන ඇති අතර බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද මේවන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසයි.