අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ පසකදු කඩාවැටීම් මා නායයාම් මත මෙතෙක් නතර කර තිබු දුම්රිය ධාවනය හෙට සිට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා දුම්රිය ධාවනය සිදු කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
ඒ අනුව කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු -05.55 ට බදුල්ල බලා ධාවනය වන පොඩි මැණකේ දුම්රියයත් ,පෙරවරු 08.30 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය යත් ධාවනය එක්කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන කඩුගමුව යන දුම්රිය ස්ථාන අතර අධික වර්ෂාව හේතුවෙන් හා නායයෑම් නිසා දුම්රිය මාර්ගය කඩාගෙන ගොස් සෝදා පාලුවට පත්වු දුම්රිය මාර්ගය මේ වනවිට සම්පුර්ණ යෙන් ම යථා තත්ත්වයට පත්කොට තිබේ.
ඉදිරියේදී කාලගුණය ඉතා යහපත් තත්ත්වයට පත්වුවහොත් උඩරට මැණිකේ ඇතුළු අනිකුත් දුම්රියයන් ද ධාවනයට එක්කිරීමට සැලසුම් සකස් කොට තිබේ.
තවද පුත්තලම මාර්ගයේ නාය යාමට ලක් වූ මුන්දලම හා පාලවි අතර දුම්රිය මාර්ගය මේ වනවිට ධාවන කටයුතු සඳහා සූඳානම් කොට අවසන් අතර පුත්තලම දක්වා දුම්රිය ධාවනය හෙට සිට ආරම්භ කෙරේ..
මෙම මාර්ග අලුත්වැඩියා කටයුතු සිදු කිරීමේදී දෙපාර්තමේන්තුවේඉහළ නිලධාරියගේ සිට යන්ත්‍රෝපකරණ වලට වඩා දෑතේ ශක්‍තිය ,දහඬිය අව් වැසි නොබලා ඉටුකල මාර්ග හා කර්මාන්ත අංශයේ සේවක මහත්මයින් ගේ ඇප කැප වීම නොවන්නට පොඩි මැණිකෙට බදුලු යන්නත් පුත්තලමේ වැඩ අරඹන්නත් තවත් පමා වනු නියතය..
කෙසේ වෙතත් මඟී ඔබගෙන් ඉල්ලා සිටින්නේ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අවනත වෙමින් දුම්රිය ගමන් වල යෙදෙන ලෙසයි..
