Spread the love



ආපසු මව්බිමට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට තම උපන් ස්ථානවල ගෞරවාන්විතව ජීවත්විය හැකි බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින් ආපසු ගෙන්වා ගැනීම සහ ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්න පිළිබඳව සිදුකෙරෙන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී.කේ. වෙන්කඩේෂ්වරන් මහතා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හමුවී කරුණු පැහැදිලි කරන ලදි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය හේතුවෙන් අවතැන් වී ඉන්දියාවේ රැඳී සිටින පිරිස් යළි මෙරටට ගෙන්වා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ධීවර අමාත්‍යවරයා දැනුවත් කළේය.
ඉන්දියාවේ සිට කැඳවා ගෙන එනු ලබන ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ගමන් පහසුකම් සැපයීමට සහ භාණ්ඩ පැටවීමට කටයුතු කරමින් සිටින බව පැවසූ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කැඳවා ගෙන එනු ලබන්නන්ගේ වියදම් සඳහා පළමු අදියරේදී සෑම පවුලකටම රුපියල් 30,000 බැගින් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ලබන වසරේ පවුල් 7000ක් පමණ ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.