Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ මී මැසි පාලනය ශක්තිමත් කිරීම සදහා වැඩපිළිවෙළක් මේවන විට ක්‍රියාත්මක බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව මේවනවිට මී මැසි පාලනයේ නියුතු පුද්ගලයන් සදහා ඊට අවශ්‍ය දැනුම සහ ආධාර ලබාදීම මේවන ක්‍රියාත්මක වේ.

උඩුගම ග්‍රාම නිලධාරී වසමේ මී මැසි පාලනයේ නියුතු පවුල් 95ක් සදහා මී මැසි පාලනය සදහා අවශ්‍ය උපකරණ ලබාදීම සිදුවිය.

මේ සදහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා සහ ඉසුරු දොඩංගොඩ මංත්‍රීවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.